FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ රබර් කර්මාන්තය වැඩි දියුණු කිරීමට චීනය ඉදිරිපත් වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ රබර් ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ආයෝජනය කිරීමට චීන රජය එකඟතාවය පල කර ඇත.
ඒ , චීනයේ හයිනෑං රබර් සංවර්ධන කලාපය නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී නවීන් දිසානායක මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
හයිනෑං විදේශ කටයුතු හා අන්තර් ජාතික ආර්ථික සම්බන්ධතා පිළිබඳ ප්‍රධානී Jinglei han මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව මෙහෙයවීය.
එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස විශේෂ රබර් සංවර්ධන කලාපයක් සහ ඊට සමාන්තරව රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් ස්ථාපනයටද නියමිතයි.
වැඩි ඵලදාවක් සහිත රබර් බීජ හා නව තාක්ෂණයද රබර් ක්ෂේත්‍රයට හදුන්වා දෙන අතර ස්වභාවික රබර් නිෂ්පාදනය කෙරෙන ප්‍රමුඛ පෙළේ රටක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම මෙහි අරමුණයි.