FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංග යළි දිවයිනට – මෙල් ගෙන් විශේෂ ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අයි.පී.එල් තරගාවලියට සහභාගි වීමට ඉන්දීයා ගොස් සිටින ශ්‍රී ලංකා සිමීත පන්දුවාර නායක ලසිත් මාලිංග අද (03) දිනයේ යළි මෙරටට පැමීණීමට නියමීත බව ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.
ලබන 04 වැනිදා සිට 11 වැනිදා දක්වා සුපිරි අන්තර් පළාත් එක්දින තරගාවලිය සහභාගි වීම සඳහා මාලිංග මෙරට පැමීණෙන බව දැනුම් දී ඇති බවද ක්‍රිකට් තේරිම් කමීටු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කියයි.
සුපිරි අන්තර් පළාත් එක්දින තරගාවලියේදි ගාල්ල කණ්ඩායමේ නායකත්වය සඳහා ලසිත් මාලිංග සඳහන් කර සිටියි.
එසේම ඔහු මෙසේ මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව වෙත යෑමට තීරණය කර ඇත්තේ 2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරිමේ අරමුණීන් වන බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
මෙම තත්වය මත ලසිත් මාලිංග හට අයි.පී.එල් තරගාවලියේ මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම මුහුණ දෙන පළමු තරග කිහිපය අහිමී වනු ඇති බවත් පළාත් තරගාවලියෙන් අනතුරුව යළි අයි.පී.එල් තරගාවලියට එක් වනු ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටියි.