FAST NEWS

24×7 Around the Globe

අසේලට හා දසුන්ට ලෝක කුසලානයත් අහිමී වෙයි…

(ෆා්ස්ට් ගොසිප් – කොළඹ) – තුන් ඉරියව් ක‍්‍රීඩකයින් වන අසේල ගුණරත්නට සහ දසුන් ශානකට මෙවර සුපිරි අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වන බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අසේල ගුණරත්නට සහ දසුන් ශානකට එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවද අහිමි වනු ඇත.
සුපිරි පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ලබන 04 වැනිදා ආරම්භ වන අතර එම තරගාවලියේ දී දක්ෂතා දක්වන ක‍්‍රීඩකයින් ලෝක කුසලාන තරගාවලිය සඳහා සංචිතයට නම් කෙරෙන බව තේරිම් කමීටුව සඳහන් කර තිබුණී.