FAST NEWS

24×7 Around the Globe

කශෝගිගේ දරුවන් හට වටිනා නිවාස සහ වන්දි මුදල්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ දරුවන් හට වටිනා නිවාස සහ වන්දි මුදල් පිරිනැමීමට සෞදි රජය විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ දරුවන්ට සෞදි රජය විසින් වටිනා නිවාස සහ විශාල මුදල් ත්‍යාග ලබාදීමට නියමිතව තිබේ.
මේ අනුව මසකට ඇමරිකානු ඩොලර් දස දහස බැගින් දීමනාවක් කශෝගිගේ දරුවන් දෙදෙනාට සහ දියණියන් දෙදෙනාට ලබාදෙනු ඇත.
සිය පියාගේ මරණය පිළිබදව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් නොකිරීමේ කොන්දේසියක් ද ඒ සඳහා පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.