FAST NEWS

24×7 Around the Globe

නේපාලයේ දරුණු කුණාටුවකින් 25 ක් මියගොස් 400 කට තුවාල…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු නේපාලයේ බාරා දිස්ත්‍රික්කය සහ ඒ අවට ඇතිවූ කුණාටු තත්ත්වයකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 400 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
වසන්ත කාලයේදී සාමාන්‍යයෙන් මෙවැනි කුණාටු තත්ත්වයන් ඇති නොවන බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති කේ.පී. ෂර්මා ඕලි විසින් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය පළකර සිටියේය.
මීට අමතරව , පේරු රාජ්‍යයේ හුනින් ප්‍රදේශයට බලපා ඇති දරුණු ගං වතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 51 මියගොස් ඇති අතර එම ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
ගංඟාවක ඉවුරු පුපුරා යාම හේතුවෙන් නිවාස 22 ක් ඇතුළු දේපළ රැසකට ද මේ හේතුවෙන් අලාභ හානි වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.