(ෆාස්ට් ගොසිප් – කොළඹ) – මෙරටදි ටෙස්ට් තරගාවලියකට හා තුන්කොන් එක්දින තරගාවලියකට එක්විම සඳහා ඉන්දීය කණ්ඩායම එකඟත්වය පල කර ඇති බවත් එ සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 19 ක මුදලක් ඉපයීම සඳහා අවකාශය උදා වී ඇති බවත් එම ආයතන ආරංචි මාර්ග කියයි.
ඒ අනුව අදාළ තරගාවලියන්හි විකාශන අයිතිය “ස්ටාර් ස්පොර්ට්ස්” වෙත පවරමීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගිවිසුම් අත්සන් කිරිමට නියමීත බවත් එ සමග මෙම ඩොලර් මිලියන 19 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත හිමීවන බව පැවසේ.
එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව අගෝස්තු මාසයේදි මෙම තරගාවලි පැවැත්විමට සැලසුම් කර ඇති බවත් පැවසේ.
සමාන්‍ය අයි.සී.සී කාල සටහනෙන් බැහැරව මෙම තරගාවලි පැවැත්විමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැත්වු සාකච්ඡා අනුව මෙම අවස්ථාව හිමීව ඇති බවත් කියැවේ.
ඉන්දීයාව සමග තරග තුනකින් යුත් ටෙස්ට් තාරගාවලියේදි මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදි පළමු ටෙස්ට් තරගය පැවැත්විමට නියමීත බවත් ඉතිරි තරග ද්විත්වය කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනු ඇති බවත් පැවසේ.
එසේම ශ්‍රී ලංකාව, ඉන්දීයාව හා ඔස්ට්‍රේලියාවේ සහභාගීත්වයෙන් යුත් එක්දින තරගාවලියේ පළමු වටයේ තරග දඹුල්ල හා පල්ලේකැලේ ක්‍රීඩාංගණයන්හිදිත් අවසන් තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදිත් පැවැත්විමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලැස්ම වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.