FAST NEWS

24×7 Around the Globe

වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය අදින් අවසන් (photos)…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික මහා සභාව සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමූපකාර සමිතිය විසින් සංවිධාන කරනු ලැබූ ‘වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය’ අද (01) දිනයෙන් අවසන් වීමට නියමිතය.
මෙම ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා ද ඊයේ (31) එහි පැමිණියේය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය නැරඹීම සදහා විශාල පිරිසක් ඊයේ දිනයේ සහභාගී වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙම ප‍්‍රදර්ශනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය අභියෝග රැසක් මධ්‍යයේ සිදු කරන්නක් බවයි.