FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය මහ මැතිවරණයේදී රාහුල් ගාන්ධි කේරළයෙන් තරග බිමට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍යධූර අපේක්ෂක රාහුල් ගාන්ධි කේරලයෙන් තරග වැදීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අප්‍රේල් මස 11 වනදා සිට මැයි මස 19 වනදා දක්වා ඉන්දීය මැතිවරණය පැවැත්වෙනු ලැබේ.
ඉන්දීය මහමැතිවරණය ලබන මස 11 වනදා ආරම්භ වීමට නියමිතයි. මැයි මස 19 වනදා තෙක් පැවැත්වෙන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සිදු වන්නේ 23 වනදායි.
රාහුල් ගාන්ධි තරග වැදෙන ඉන්දීය කොංග්‍රස් පක්ෂය චතිස්ගාර් , මධ්‍ය ප්‍රදේශ් , උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත කිහිපයක ජනප්‍රියතාව වර්ධනය කර ගැනීමටත් සමත්වී තිබේ.