FAST NEWS

24×7 Around the Globe

උණුසුම් වචන හුවමාරුව නිසා ඉන්දු-ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට අයි.සී.සීයෙන් විනය පියවර.

ඉන්දීය ක්‍රීකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ක්‍රීකට් තරඟයේ සිව්වවන දිනය වු ඊයේ (31) දිනයේ අවසාන භාගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හා ඉන්දීය ක්‍රීඩක ඉෂාන්ත් ෂර්මා අතර ඇතිවු උණුසුම් වචන හුවමාරුව සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව අයි.සී.සීසිය ට්විටර් ගිණුම හරහා නිවේදනය කර සිටියි.

ඉන්දියාව වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ෂර්මා සහ ශ්‍රී ලංකාව ක්‍රීඩකයන් වන ධම්මික ප්‍රරසාද්, දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න යන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මෙලෙස ක්‍රීකට් කවුන්සිලය මගින් විනය පියවර ගැනීමට නියමිත ක්‍රීඩකයන් බව එම පණිවිඩයේ වැඩි දුරටත් දක්වා ඇත.

තෙවන ටෙස්ට් අවසන් වූ වහාම මෙ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවද අයි.සී.සීසිය එහි සඳහන් කර ඇත.