FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලාන යන සංචිතයට අමතර ක්‍රීඩකයින් 04 ක් නම් කෙරෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – එංගලන්තයේ හා වේලස්හිදි පැවැත්වෙන 2019 අයි.සී.සී එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා නියමීත සංචිතය වන ක්‍රීඩකයින් 15 වට අමතරව තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් යැවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තේරිම් කමීටු ප්‍රධානි අසන්ත ද මෙල් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව අමතරව ක්‍රීඩකයින් සිව් දෙනෙක් සංචිතය සමග යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
යම් හෙයකින් ක්‍රීඩකයින් අබාධයන්ට ලක් වුනහොත් ආදේශ කිරිම සඳහා මෙසේ එම ක්‍රීඩකයින් තබා ගන්නා බව මෙල් මහතා පෙන්වා දෙයි.
දකුණූ අප්‍රිකා සංචාරයේදි දක්ෂතා දැක්වු ඉසුරු උදාන ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් දිනා ගැනිමට හැකි වු බවත් ඔහු කියයි.
එසේම ඔෂද ප්‍රනාන්දුද එක්දින තරග කාණ්ඩය සඳහා උචිත ක්‍රීඩකයෙක් බවත් අවිශ්ක ප්‍රනාන්දු දක්ෂ ක්‍රීඩකයෙක් වු නමුත් තවත් අත්දැකිම් ඔහුට අවශ්‍ය බව මෙල් මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.