FAST NEWS

24×7 Around the Globe

ටෙස්ට් තරගාවලියේ ජය කාටද තීරණටය අද.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන 03 වැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

ලකුණු 386ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹායන ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ඊයේ දිනය නිමාවන විට කඩුළු 03ක් දැවි ලකුණු 67ක් රැස්කර ගෙන සිටියා.

නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවි ලකුණු 22යි. කෞෂාල් සිල්වා නොදැවි ලකුණු 24ක් ලබා සිටිනවා. ජයග‍්‍රහණය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 319ක් අවශ්‍යව තිබෙනවා.

අතැතිව ඇති කඩුළු සංඛ්‍යාව 07ක්. තරගය කොළඹ එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.