FAST NEWS

24×7 Around the Globe

මෙවර ඉන්දීය මැතිවරණයේදී මිලියන 04කට පමණ ඡන්දය අහිමිවන ලකුණු…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – අප්‍රේල් මස 11 වෙනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය මැතිවරණයේදී එරට මිලියනයක පමණ කාන්තාවන්ට හා නිවාස අහිමි පුද්ගලයන්ට ඡන්ද අවස්ථාව නොලැබීමට ඉඩකඩ ඇති බව එරට මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.
තම අනන්‍යතාව ඔප්පු කිරීමට ක්‍රමයක් නොමැතිකම හා ඊට අදාල ලියකියවිලි සකසා ගැනීමට නොහැකි වීම ඊට හේතුව ලෙසත් වාර්තා වෙයි.
ඉන්දීය මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව මිලියන 900 කට ආසන්නයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ඇතත් එම අයිතිය නොලබන සංඛ්‍යාව මිලියන 04 ක් පමණ වන බව ද වාර්තා වනවා.
අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය සහ සෙසු පක්ෂ සමග තරගයක් ලබාදීමට මෙවර සූදානමින් සිටී.
පහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රී ආසන 543ක් පවතින අතර, ඕනෑම පක්ෂයක් හෝ සන්ධානයකට රජයක් පිහිටුවීම සඳහා අවම වශයෙන් මන්ත්‍රී ධුර 272ක් අවශ්‍ය වෙයි.
මෙවර ඉන්දීය මහ මැතිවරණය ලොව පැවැත්වෙන විශාලතම ඡන්ද විමසීම වනු ඇති බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි.