FAST NEWS

24×7 Around the Globe

සචිත් පතිරණට එංගලන්තයෙන් කැඳවිමක්..


(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සචිත් පතිරණ එංගලන්තයේ ෆර්නස් ක්‍රිකට් සමාජය සමග ගිවිසුමකට අත්සන් කර තිබේ.
2019 තරග සමය සඳහා පුහුණූකරුවෙක් ලෙස හා විදේශීය ක්‍රීඩකයා ලෙස එක්විම සඳහා හෙතෙම මෙම ගිවිසුම අත්සන් කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සචිත් එක්දින ජාත්‍යන්තර තරග 18 කට හා විස්සයි – 20 තරග 05 කට ක්‍රීඩා කර සිටිති.
ඔහු අවසන් වරට ඉන්දීයාව සමග 2017 දෙසැම්බර් මාසයේදි එක්දින ජාත්‍යන්තර තරගාවලියට සහභාගි විය.
සචිති පතිරණ මෙ වන විට බදුරලිය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූකරුවෙක් ලෙස හා ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කරමීන් සිටියි.