FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු බෘස් යාර්ඩ්ලි අභාවප්‍රාප්ත වෙයි.

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඔස්ට්‍රේලියා හිටපු මද වේග පන්දු යවන්නෙක් මෙන්ම පුහුණූකරුවෙක් වු බෘස් යාර්ඩ්ලි (71) මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පිළිකා රෝගයෙන් පීඩා විදිමින් සිටි ඔහු බටහිර ඔස්ට්‍රේලියාවේ රෝහලකදී අද (27) අභාවප්‍රාප්ත වී තිබේ..
1996 – 1988 කාල වකවානුවේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුණූකරු ලෙසද කටයුතු කළ ඔහු, මුත්තයියා මුරලිදරන්ගෙන් පන්දු යැවිමේ ඉරියව්ව සම්බන්ධව එල්ල වු චෝදනාවලදි මුරලිදරන් වෙනුවෙන් පෙනි සිටියේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 33 කදී කඩුලු 126 ක් දවාගෙන ඇති ඔහු එක්දින ජාත්‍යන්තර තරග 07 ක් වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.