FAST NEWS

24×7 Around the Globe

හිටිවනම මැතිව්ස් සමඟ සාකච්ඡා කළ හේතුව මැල් කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) -2019 එක්දින ලෝක කුසලානය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය සකස් කිරීම සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හිටපු ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා අතර විශේෂ හමුවීමක් සිදුවු බව මෙල් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
කණ්ඩායමේ සංයුතිය කෙසේ සකස් විය යුතුද සහ එංගලන්ත වැනි රටකදී වත්මන් කණ්ඩායමට කළ හැක්කේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තමා සහ මැතිව්ස් අතර අදහස් හුවමාරු වු බවද හෙතෙම පැවසීය.
ලෝක කුසලාන සංචිතය තේරීමේදී සියලූ දෙනාගේම අදහස් විමසීමට ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා තීරණය කර ඇති බවද එ හේතුව මත මෙම සාකච්ඡාව සිදුවු බවද මාධ්‍ය වෙත අදහස් දක්වමීන් හෙතෙම පැවසීය.
‘අපි හැමෝගේම අදහස් විමසන්න ඕන. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් එක එක්කෙනා හමුවෙලා කතා කරන්න ඕන. හිතුමතේට කිසිවක් කරන්න අපේ තේරීම් කමිටුවේ බලාපොරොත්තුවක් නැහැ. අපි බලමු තව සතියකින් දෙකකින් කොහොමද කණ්ඩායම නම් කරන්නේ කියලා. නායකයා තෝරන ලැයිස්තුවේ මැතිව්ස් ඉන්නවා.’