FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයට චීන රජයෙන් ඩොලර් කෝටි 220ක ණය මුදලක්…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයට සිය බාහිර ණය ගෙවීම සඳහා චීනය විසින් පාකිස්තානයට ඩොලර් බිලියන 2.2 ක ණය මුදල ඊයේ (25) ලබාදීමට කටයුතු කළ බව පාකිස්තාන මහබැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.
චීනය විසින් පාකිස්තානයට ලබාදී ඇති මුළු ණය මුදල ඩොලර් බිලියන 4.1 ඉක්මවා ඇති බව වාර්තා වෙයි.
ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු මේ වසර තුළ පාකිස්තානයට මිතුරු රටවලින් ලැබී ඇති මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 9.1කට ආසන්නයි.