FAST NEWS

24×7 Around the Globe

වෙනිසියුලාවට රුසියාවෙන් ගුවන් යානා හා භට පිරිස් යවයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -ඇමෙරිකා එක්‌සත් ජනපදයේ උදහසට ලක්‌ව සිටින වෙනිසියුලාවේ රජයේ සහායට රුසියාව විසින් සන්නද්ධ භට පිරිස්‌ හා ගුවන්යානා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස්‌ මධුරෝට එරෙහි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල ක්‍රියාකලාපය ද රුසියාව දැඩි ලෙස හෙළා දැක ඇති බව එම වාර්තා කියයි.

රුසියාව හා වෙනිසියුලාව පසුගිය කාලයේ එක්‌ව යුද අභ්‍යාසද පැවැත්වූහ.

යම් ලෙසකින් වෙනිසියුලාවට එරෙහිව ඇමෙරිකාව ප්‍රහාර එල්ල කළහොත් තමන් වෙනිසියුලාවට සහාය දක්‌වන බව රුසියානු ජනාධිපති පුටින් පවසා ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත් පැවසෙයි.