FAST NEWS

24×7 Around the Globe

මාලිංගගේ අයි.පී.එල් ගමන ගැන හා කණ්ඩායමේ ස්ථානය ගැන මෙල් කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමීයර් ලීග් විස්සයි -20 තරගාවලියට සහභාගි විම සඳහා ශ්‍රී ලංකා සිමීත පන්දුවාර නායක ලසිත් මාලිංගගේ එක්විම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ කිසි විරෝධයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමීටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.
එසේම ඔහු ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් හොඳම පන්දු යවන්නෙක් බවත් ඔහුට ඇති කණ්ඩායමේ ස්ථානය පිළිබඳව කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් හෙතෙම පැවසීය.
ලසිත් මාලිංග අයි.පී.එල් තරගාවලියේදී මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම නියෝජනය කරමීන් ලබන 28 වැනිදා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝ කණ්ඩායම සමග සහ ලබන 30 වැනිදා කිංග්ස් ලෙවන් පන්ජාබි කණ්ඩායම සමග පැවැත්වෙන තරග ද්විත්වයට ක්‍රීඩා කිරිමට නියමීත බවත් මුම්බායි ඉන්දීයනස් කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.