FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකා පරාජයන් හා ලෝක කුසලාන ගමන ගැන වැන්ඩර්සේ කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – දකුණූ අප්‍රිකාව සමඟ විස්සයි – 20 තරගාවලියේදී ශ්‍රී  ලංකා කණ්ඩායම සෑම අංශයකින්ම අසාර්ථක වු බව තෙවැනි විස්සයි – 20 තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ජේෆ්රී වැන්ඩර්සේ සඳහන් කර තිබේ.
කෙසේ නමුත් අවසන් තරගය ජය ගැනිමේ හැකියාවක් පැවතිය බවද ඔහු සඳහන් කර ඇත.
“මෙම තරගාවලියේදී ශ්‍රී  ලංකා කණ්ඩායම සෑම අංශයකින්ම අසාර්ථක වුණා. තුන්වැනි තරගයේදී යම්කිසි විශාල ලකුණු පරතරයකින් පරාජයට පත් වුණත් අපට එම තරගය ජය ගැනීමේ හැකියාව තිබුණා. පළමු තරග දෙකේදීත් අප ජයග්‍රහණයට ඉතා ආසන්න වුණා. කෙසේ වෙතත් තරගාවලිය පරාජයට පත් වීම සම්බන්ධයෙන් කණගාටු වෙනවා”
එසේම අප්‍රේල් මස 04 වැනිදා ආරම්භ විමට නියමීත අන්තර් පළාත් තරගාවලිය ලෝක කුසලාන තරගාවලිය සඳහා සංචිතයට එක් විමට ක්‍රීඩකයින්ට අවස්ථාවක් හිමිව ඇති බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ.
“එළැඹෙන පළාත් ක්‍රිකට් තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කිරීමට කණ්ඩායමේ සියලු දෙනා සූදානමකින් සිටිනවා. එහිදී හොඳින් දක්ෂතා දැක්වුවහොත් ලෝක කුසලාන සංචිතය සඳහා එක්වීමට තවමත් ඕනෑම ක්‍රීඩකයකුට අවස්ථාව පවතින බව මම සිතනවා. කෙසේ වෙතත් පසුගිය කාලයේදී මුහුණදීමට සිදුවූ පරාජයන් සහ වැරදි මතින් පාඩම් ඉගෙනගෙන  කණ්ඩායමක් වශයෙන් අප සතු ධනාත්මක කරුණු එක්රැස් කරගෙන නැවතත් හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරගත යුතු බව මගේ හැඟීමයි”