FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ තරුණියන් දෙදෙනෙකු දුෂණය කරන්නැයි නඩු තීන්දුවක් දෙයි.

ඉන්දියාවේ බග්පත් දිස්ත‍්‍රික්කයේ ගම්මානයක ගම් සභාවක් විසින් තරුණියන් දෙදෙනෙකු දුෂණය කරන ලෙසට තීන්දුවක් ලබාදී ඇතැයි වාර්තා වේ.

23 හැවිරිදි මීනාක්‍ෂි කුමාරි සහ ඇගේ 15 හැවිරිදි සොයුරිය දුෂණය කිරීමට අමතරව කළු පැහැති කළ මුහුණු සහිතව නිරුවතින් වීදි පුරා ඇවිදවීමටද පිරිමි පුද්ගලයන්ගෙන් පමණක් සමන්විත ගම් සභාව විසින් තීරණය කර තිබේ.

අස්පර්ශනීය ලෙස හඳුන්වනු ලැබූ ඩාලිට් කුලයේ පවුලක් වන ඔවුන්ගේ සොයුරා ගමේ ඉහළ කුලය වන ජැට් කුලික විවාහක කාන්තාවක් සමග පලා යාම වෙනුවෙන් සොයුරියන් දෙදෙනා මේ අමානුෂික දඬුවමට ලක් කිරීමට තීන්දු වී ඇතැයි පැවසේ.

මේ සමග මීනාක්‍ෂි සහ පවුලේ සාමාජිකයින් ගම්මානයෙන් පලා ගොස් ඇති අතර ඇගේ තවත් සොයුරකු වන සුමිත් කුමාර් පවසා ඇත්තේ ගම් සභාව ජැට් කුලිකයන්ගෙන් සමන්විත වන්නක් වන බවයි.

මේ අතර මෙම සිදුවීමට මැදිහත්වන ලෙස බලකරමින් බි‍්‍රතාන්‍ය ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ආරම්භ කළ පෙත්සමකට මේ වන විට අත්සන් 60000කට අධික ප‍්‍රමාණයක් හිමිව ඇතැයි වාර්තා වේ.

මෙවැනි ගම් සභා තීන්දු ක‍්‍රියාත්මක කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිවිරෝධී බවට තීරණය කර ඇති නමුදු ඒවා දිගින් දිගටම ක‍්‍රියාත්මක වෙමින් පවතී.

තම ආරක්‍ෂාව සහතික කරන ලෙස ඉල්ලා මීනාක්‍ෂි කුමාරි විසින් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොණු කිරීමට පියවර ගෙන තිබේ.