FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් කැබිනට් අමැතිකම් ලැබෙන ශ්‍රීලනිප 04 දෙනා මෙන්න..

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) -අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතරින් සිව් දෙනෙකුගෙන් යුත් නම් ලැයිස්තුවක් අමාත්‍ය ධුර ලබාදීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇතැයි එජාප ආරංචි මාර්ග කියයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ගාමිණී විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ. එච්. එම් ෆවුසි යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස නම් කරන ලෙසට ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බවත් කියැවේ.

එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේය යන පදනමේ සිට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර සංඛ්‍යාව වැඩි කරන ලෙසට ඉල්ලා එම යොජනාව ඉදිරිපත් කර ඇති බවත් කියැවේ.

ආණ්ඩුවට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අකමැත්තක් නොමැති බවද එම ආරංචි මාර්ග කියයි.