FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංග ඉන්දියාවට…

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමීයර් ලීග් විස්සයි – 20 තරඟාවලියට සහභාගි විම නිසා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග අද (25) දිනයේ ඉන්දියාව බලා පිටත් වීමට නියමිත බව වාර්තා වේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වීමේ අරමුණින් මාලිංග දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාව බලා පැමිණිමට නියමීත බව ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වර්තා කර සිටියි.

නමුත් මින් පෙර ලසිත් මාලිංග පවසා සිටියේ අයි. පී. එල් තරඟාවලියේ පළමු තරඟ 6 සහභාගී නොවන බවය.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කර තිබෙන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීම සියලු ක්‍රීඩකයන්ට අනිවාර්ය කිරීම හේතුවෙනි.

IPL තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සිදුකරන අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි පළාත් තරඟාවලිය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොතිබූ බවද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන ප්‍රකාශ කර තිබේ.

මේ වන විට මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයමැදිහත් වී ඇති බවද කියැවේ.

මෙම තත්වය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩිව විවේචනය කර ඇති බව මේ වන විට ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.