FAST NEWS

24×7 Around the Globe

මාලි රාජ්‍යයේ ගම්මානයකට එල්ල කළ ප්‍රහාරයකින් 130 ක් ජීවිතක්ෂයට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මාලි රාජ්‍යයේ ඔගසාගෝ ගම්මානයට කඩා වැදුණු කිසියම් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ෆුලානි නැමති සුළු ජාතිකයින් 130 දෙනෙකු පමණ මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.
මෙම සුළු ජාතිකයන් ජිහාඩ් සටන්කාමීන් සමඟ සබඳතා පවත්වන බවට පවසමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර , මොවුන් සාම්ප්‍රදායික සටන් ඇඳුමෙන් සැරසී ආයුධ සන්නද්ධව ඔගසාගෝ ගම්මානයට කඩා වැදී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.