FAST NEWS

24×7 Around the Globe

ජිහාද් සාමාජිකයෝ සිරියානු හමුදාවට බාරවෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිරියාව අයි.එස්. සටන්කාමීන්ගේ ග්‍රහණයෙන් මුදා ගත් බවත්, සිරියාවේ අයි.එස්. සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා (22) නිවේදනය කළේය.
ජනාධිපතිවරයා එලෙස නිවේදනය කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා අයි.එස්. සංවිධානයේ අවසන් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් අනතුරුවයි.
ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ ජිහාද් සාමාජිකයන් උමං හා බිම් ගෙවල්වලින් එළියට පැමිණ හමුදාවට බාර වෙමින් සිටින බවත් , ‘කලිෆාව’ පරාජයට පත් කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු එලෙස ජිහාද් සාමාජිකයෝ හමුදාවලට බාරවෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනවාරි 09 වැනිදායින් පසුව සිවිල් වැසියන් 66,000 කට වැඩි පිරිසක් අයි.එස්. සංවිධානය අත්හැර හමුදාවලට බාර වී ඇති බවත් සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බළකාය සඳහන් කළේය.
ඔවුන් අතර ජිහාද් සටන්කාමීන් 5,000ක් වූ බවත් ඔවුන්ගේ ඥාතීන් 24,000 ක් සහ අයි.එස් සටන්කාමීන් සම්බන්ධයක් නොමැති සිවිල් වැසියන් 37,000 එම පිරිස අතර බව වූ බවත් වාර්තා විය.