FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානයට යන ඔස්ට්‍රේලියාවට නව පහුණූකරුවන් දෙපලක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -එළඹෙන 2019 එක්දින ලෝක කුසලානයට සහ එංගලන්තය සමඟ පැවැත්වෙන අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් නව පන්දු යැවිමේ පුහුණූකරුවෙක් හා සහාය පන්දු යැවිමේ පුහුණූකරුවක් පත් කිරිමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ඒ අනුව ඔස්ටේලියාවේ හිටපු පළමු පෙළ වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වු ඇඩම් ග්‍රීෆ්ත් පන්දු යැව්මේ ප්‍රධාන පුහුණූකාර ධූරයට පත් කර තිබේ.
ඔහු 2017 දී ටස්මේනියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු ලෙස ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පත් කර කටයුතු කරමීන් සිටියේය.
එසේම ඔස්ට්‍රේලියා හිටපු මඳ වේග පන්දු යවන්නෙක් වු ට්රෝයි කූලි පන්දු යැවිමේ සහාය පුහුණුකරු ලෙස පත් කර තිබේ.
හෙතෙම එංගලන්තයේ කණ්ඩායම් කිහිපයක පන්දු යැවිමේ පුහුණූකරු ලෙස කටයුතු කර අත්දැකිම් ලත් අයෙකි.