FAST NEWS

24×7 Around the Globe

කාර්යාල වේලාවෙන් පසුව රාජකාරී පැනවීම ප්‍රංශ රජය සම්පූර්ණයෙන් තහනම් කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රංශ රජය විසින් එරට කාර්යාල වේලාවෙන් පසුව දුරකථන මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් සේවකයන් අමතා රාජකාරී පැවැරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමේ නීතියක් පැනවීමට එරට රජය තීරණය කර ඇත.
මේ නව නීතියට අදාළව යම් පුද්ගලයෙකු රාජකාරියට වාර්තා කිරීමට පෙර සහ රාජකාරී නිමවීමෙන් පසුවත්, රාජකාරියෙන් මිදී ගෙදර සිටින සති අන්තවලත් රාජකාරී කටයුතු සඳහා ඔවුන් ඇමතීම තහනම් වෙයි.
ප්‍රංශ රජය විසින් ගෙන ආ මෙම නීතිය බලපාන්නේ ප්‍රංශයේ විශාල සමාගම් හා සේවක සංඛ්‍යාව 50 ට වැඩි ආයතන සඳහායි.
මේ වනවිට ප්‍රංශය එරට සේවකයකුට වසරකට දින 30 ක නිවාඩුවක්ද, පූර්ණ ගෙවීම් සහිතව වසරකට සති 16 ක පවුල් නිවාඩුවක්ද අනුමත කර ඇති රටක් වන අතර , රැකියාවක් කිරීම සඳහා සුදුසුම රට බවටද ප්‍රංශය පත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.