FAST NEWS

24×7 Around the Globe

දෙවැනි විස්සයි – 20 තරඟයේ ජයත් අප්‍රිකාවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ )
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සෙන්චුරියන්හිදි පැවැති දෙවන විස්සයි – 20 ක්‍රිකට් තරඟයෙන් ලකුණු 16 ක ජයක් හිමිකර ගැනිමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ වාරය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාදුන්නේය.
ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 180ක් රැස් කළේය.
රිසා හෙන්ද්‍රික්ස් ලකුණු 65 ක් හා රැසී වැන්ඩ්‍රික් ඩුසෙන් ලකුණු 64 ක් රැස් කලහ.
පන්දු යැවිමේදී ලසිත් මාලිංග, ඉසුරු උදාන සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 164 කි.
විශිෂ්ඨ පිති හරඹයක නිරත වූ ඉසුරු උදාන පන්දු 48කදී ලකුණු 84ක් රැස් කළේය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රිස් මොරිස් කඩුලු 03ක් දවා ගත්තේය.