(ෆාස්ට් ගොසිප් – කොළඹ) -තම විස්සයි – 20 ක්‍රිකට් දිවියේදී මුහුණදීමට සිදුවූ ඉතාමත් අසීරුම පන්දුයවන්නා ලසිත් මාලිංග බව හිටපු ඉන්දීය නායක රාහුල් ඩ්‍රාවිඩ් 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (අයි.පී.එල්.) සම්බන්ධයෙන් එරට මාධ්‍ය හමුවේ අදහස් දක්වමීන් සඳහන් කර තිබේ.
“ලොව විස්සයි-20 තරග රටාව තුළ මට මුහුණදීමට අපහසුම පන්දු යවන්නා බවට පත් වුණේ ලසිත් මාලිංග බවද හෙතෙම පෙන්වා දී තිබේ.
“විශේෂයෙන්ම විස්සයි-20 තරගවලදී යෝකර් පන්දු යැවීමටත් වේගය අඩාල කර පන්දු යැවීමටත් ඔහු සතු හැකියාව අති විශිෂ්ටයි. එම නිසා මම සිතන්නේ මා මුහුණදුන් විශිෂ්ටතම විස්සයි-20 පන්දු යවන්නා තමයි ලසිත් මාලිංග. ඒ වගේම ජස්ප්‍රිත් බුම්රාත් මේ වනවිට ක්‍රීඩා කරන දක්ෂතම පන්දු යවන්නෙක්. නමුත් බුම්රාගේ පන්දුවලට මුහුණදීමේ අවස්ථාව මට ලැබී නැහැ. කෙසේ වෙතත් ලසිත් මාලිංගගේ කනිෂ්ඨ අවස්ථාව ලෙස බුම්රා මම දකිනවා”
තවද මෙවර අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග එම තරගාවලියේදී කඩුලු 154ක් ලබා ගනිමින් මෙතෙක් අයි.පී.එල්. තරගාවලියේදී වැඩිම කඩුලු දවාගෙන ඇති පන්දු යවන්නා ලෙසින් ද වාර්තා අතරට එක් වී ඇත.
2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙට (23) ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය අරඹමින් ඉන්දීය නායක විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සහ ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන පසුගියවර ශූරයන් වූ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම් චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.