FAST NEWS

24×7 Around the Globe

ඉරාකයේ – ටයිග්‍රිස් නදියේ මගී ප්‍රවාහන යාත්‍රාවක් ගිලීමෙන් 40 ක් මරුට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉරාකයේ මොසුල්හි පිහිටි ටයිග්‍රිස් නදියේ ගමන්ගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් නියමිත මගීන් සංඛ්‍යාවට වඩා අධික මගීන් සංඛ්‍යාවක් රැගෙන යාම හේතුවෙන් එම යාත්‍රාව දියේ ගිලී මගීන් 40ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරට ලක් වූ මගී ප්‍රවාහන යාත්‍රාවේ ගමන්ගත් මගීන් බොහෝදෙනෙකු කාන්තාවන් සහ කුඩා ළමුන් බව මොසුල්හි මහජන ආරක්ෂක අධිකාරිය සදහන් කරයි.
සිදුකරනු ලැබූ මෙහෙයුම් වලින් පුද්ගලයන් 12 කගේ ජීවිත බේරාගැනීමට හැකි වූ බව එරට මාධ්‍ය පවසයි.
තවමත් මගීන් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකවෙමින් පවතින බවද විදෙස් වාර්තා සදහන් කරයි.