FAST NEWS

24×7 Around the Globe

දෙවන T-20 ක්‍රීඩා කරන ශ්‍රී ලංකා – අප්‍රිකා අවසන් 11 මෙන්න..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණූ අප්‍රිකා කණ්ඩායම අතර දෙවන විස්සයි – 20 තරඟය අද (22) ෂෙන්චුරියන්හිදි පැවැත්විමට නියමීතය.
මෙම තරඟය සඳහා දකුණූ අප්‍රිකාව තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් කැඳවා ඇති අතර කණ්ඩායමේ නායකත්වය ජේ.පී ඩුමිනි වෙත පවරා තිබේ.
එසේම පෙර තරඟයේ ආරම්භ පිතිකරු ලෙස කටයුතු කළ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අද (22) දිනයේ තරඟයට සහාභාගි විමට අවසන් ක්‍රීඩකයින් 11 දෙනා කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම (සහාභාගි විය හැකි) –
1.නිරෝෂන් දික්වැල්ල 2.සධීර සමරවික්‍රම 3. කුසල් මෙන්ඩිස් 4.කමීදු මෙන්ඩිස් 5.ඇන්ජලෝ පෙරේරා 6.තිසර පෙරේරා 7.ධනංජය ද සිල්වා 8.ඉසුරු උදාන 9. අකිල ධනංජය 10.ලසිත් මාලිංග 11. ජෙෆ්රී වැන්ඩර්සේ
දකුණූ අප්‍රිකාව (සහාභාගි විය හැකි)
1.අයිඩේන් මාහක්රම් 2.රීසා හෙන්ඩිරීක්ස් 3.රසී වැන් ඩ ඩුසෙන් 4.ජේපී ඩුමීනි 5.ඩෙවිඩ් මීලර් 6.ඩුවයින් ප්‍රිරිටොරියුස් 7.ඇන්ඩිල් පෙහෙලුකවායෝ 8.ක්‍රිස් මොරිස් 9.ඇන්රිච් නොර්ටිජ් 10.ලුතෝ සිපම්පා 11. ත්‍රාබ්රේස් ශම්ෂි.