FAST NEWS

24×7 Around the Globe

මත්ස්‍ය අපනයනය සීයයට 14 කින් ඉහළට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මෙරට මත්ස්‍ය අපනයනය සීයයට 14 කින් ඉහළ ගොස් ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙරට ධීවර නිෂ්පාදන යුරෝපා සංගමයේ වෙළෙද පොලට විවෘත කිරිම ඊට හේතුව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ධීවර ජනතාවගේ ජිවිතාරක්ෂාව වෙනුවෙන් ගුවන් විදුලි සංඥා උපකරණ සහ ධීවරයන් අනතුරට ලක්වූවිට ඔවුන් සොයාගැනීමේ උපකරණ මිලදී ගැනීමට, එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක රන් අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය යටතේ සහ සලසා ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.