(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව 15 % කින් අඩු කිරීමට එරට රජය තීරණය කර තිබේ.
මීට අමතරව සුදුසුකම් සපුරා එරටට පැමිණෙන සංක්‍රමණිකයින්ට වසර 03 ක් ගත වනතුරු ප්‍රධාන නගරවල ජීවත් වීමට ද අවස්ථාව ලබා නොදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
පසුගිය දිනක නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මෙම තීරණය ගැනීමට බලපෑම් වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.









