(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝකයේ සතුටින්ම සිටින රටවල් පිළිබඳව නිකුත් කරන දර්ශකයේදී ශ්‍රී ලංකාව 2018 වසරට සාපෙක්ෂව 2019 වසරේදී ස්ථාන 14 ක් පසුපසට ගොස් තිබේ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව 116 වැනි ස්ථානයේ පසුවූ අතර 2019 වසරේදී ශ්‍රී ලංකාව 130 දක්වා පහළ ගොස් තිබේ.
2019 වසරේදී මෙම දර්ශකය ගණනය කිරීම සඳහා රටවල් 156 ක් යෙදාගෙන ඇති අතර , පසුගිය වසරේ සහ මේ වසරේදීත් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්වූයේ ෆින්ලන්තයයි.
ආයු අපේක්ෂාව, නිදහස, දළ දේශීය නිෂ්පාදිතය හා දූෂණය වැනි කරුණු යොදාගනිමින් මෙම දර්ශකය ගණනය කරයි.
අවසන් රටවල් 10 අතර පසුවන රටවල්වලින් බොහෝමයක් අප්‍රිකානු මහාද්වීපයේ රටවල් වෙයි.
ලෝකයේ සතුටුම රටවල් 10
01 – ෆින්ලන්තය
02 – ඩෙන්මාර්කය
03 – නෝර්වේ
04 – අයිස්ලන්තය
05 – නෙදර්ලන්තය
06 – ස්විට්සර්ලන්තය
07 – ස්වීඩනය
08 – නවසීලන්තය
09 – කැනඩාව
10 – ඔස්ට්‍රියාව









