FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශ රජය පැරිස් පොලිස් ප්‍රධානියා ඉවත් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පැරිස් පොලිස් ප්‍රධානියා ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ , පසුගිය සති අන්තයේ පැරිස් නුවර පැවති කහ බැනියම් විරෝධතාවයේදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් හේතුවෙනුයි.

විරෝධතාවය පාලනය කිරීම සඳහා 5000ක පමණ පොලිස් භට පිරිසක් යොදවා තිබුණ ද විරෝධතාකරුවන් පැරීසියේ සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිසැල් කොල්ල කෑමටත්, ගිනි තැබීමටත් ක්‍රියාකර ඇත.

ඒ අනුවයි පැරිස් පොලිස් ප්‍රධානියා වූ මිචෙල් ඩෙල්පියුච් තනතුරෙන් ඉවත් කර ඇත්තේ.