(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සමාජ මාධ්‍ය සඳහා ගෝලීය වාරණයක් පැණවිය යුතු බවට ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේදී සජීවීව විකාශය කර වෙඩි තැබීමේ දර්ශන අවහිර කිරීමට ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය අපොහොසත් වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
ඉදිරියේදී පැවැත්වෙන ජී 20 සමුලුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසටයි ජී 20 කණ්ඩායමේ සභාපති ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා වෙත ලිපියක් යොමුකරමින් ස්කොට් මොරිසන් මහතා ඉල්ලීමක් කර ඇති බව පැවසේ.
කෙසේ වෙතත් ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට අදාල වීඩියෝ ලක්ෂ 15 ක් පමණ අන්තර්ජාලයෙන් ඉවත් කල බවට ෆේස්බුක් ආයතනය නිවේදනයක්ද නිකුත් කර තිබේ.









