FAST NEWS

24×7 Around the Globe

පළමු විස්සයි – 20 ට ක්‍රීඩා කරන අවසන් 11 මෙන්න..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු විස්සයි – 20 තරඟය කේප් ටවුන්හිදි, ශ්‍රී ලංකා වේලාවෙන් අද (19) පස්වරු 9.30 ආරම්භ විමට නියමීතය.

මෙ අනුව සුළු වෙනස්කම් සහිතව එක්දින තරඟාවලිය සහභාගි වු දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරඟටත් ක්‍රීඩා කිරිමට නියමීත බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි නාගයිඩි වෙනුවට ඩේල් ස්ටේන් කණ්ඩායමට එක් විමට නියමීත බවත් පැවසේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස නිරෝෂන් දික්වැල්ල හා සධීර සමරවික්‍රම එක්විමට නියමීත බවත් කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

එසේම දඟ පන්දු යවන ක්‍රීඩක ජේෆ්රී වැන්ඩර්සේද කණ්ඩායමට එක්විමට නියමීත බවත් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුද අද (19) දිනයේ විස්සයි – 20 වරම් දිනාගනු ඇති බවද කියැවේ.

ඒ අනුව කණ්ඩායම් ආරංචි මාර්ග අනුව අද (19) තරඟයට ක්‍රීඩා කිරිමට නියමීත අවසන් 11 දෙනා පහතින්.

දකුණු අප්‍රිකාව (ක්‍රීඩා කළ හැකි)

1.කුවීන්ටන් ඩී කොක් 2.රීසා හෙන්ඩ්‍රික්ස් 3.අයිඩේන් මහාක්රම් 4.ෆප් ඩු ප්ලෙසීස් 5.ජේ.පී ඩුමිනි 6.ඩිවයින් පිටොරියස් 7.ඇන්ඩිල් පෙහෙලුවකවායෝ 8. කාගිසෝ රාබාඩා 9.ඇන්රිච් නොර්ට්ජ් 10.ඩේල් ස්ටෙන් 11.ඉම්රාන් තාහීර්

ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)

1.නිරෝෂන් දික්වැල්ල 2. සධීර සමරවික්‍රම 3.කුසල් මෙන්ඩිස් 4.ධනංජය ද සිල්වා 5.ඇන්ජලෝ පෙරේරා 6.කමීදු මෙන්ඩිස් 7.තිසර පෙරේරා 8.ජේෆ්රී වැන්ඩර්සේ 9.ඉසුරු උදාන 10.ලසිත් මාලිංග 11.අසිත ප්‍රනාන්දු