FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයේ ගිනි අවි පිළිබඳ නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිනි අවි පිළිබඳ නීති වෙනස් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
එරට මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 50 දෙනෙකු මියයෑමත් සමඟ මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ සැකකරු මෙම ගිනි අවි අන්තර්ජාලය ඔස්සේ නීත්‍යානුකූලව ලබාගෙන ඇති බව හෙළිවීම හේතුවෙන් අදාළ නීති රීති වෙනස් කර තිබේ.
මෙම ත්‍රස්ත ප්‍රහාරයට ගිනි අවි 05 ක් සැකකරු විසින් යොදාගෙන තිබූ අතර මොහු වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයක සාමාජිකයෙකු බවටත් හෙළිවී ඇත.