FAST NEWS

24×7 Around the Globe

අවසන් පරාජය හා මැතිව්ස් හා චන්දිමාල් ගැන මාලිංග කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  අවසන් තරඟ 05 දී දැඩි ලෙස උත්සාහ කළත් ප්‍රමාණවත් ලකුණූ ප්‍රමාණයක් ලකුණූ පුරුවට එක් කර ගැනිමට නොහැකි වු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලසිත් මාලිංග දකුණූ අප්‍රිකාව සමඟ එක්දින තරගාවලිය 5-0 ලෙස පරාජයට පත් විමෙන් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
ඉසුරු උදාන හා කුසල් මෙන්ඩිස්ගේ ක්‍රීඩා කිරිම ඉතා සතුටුදායක බවත් ධනාත්මක දෙය නම් සියලු ක්‍රීඩකයින් දැඩි සටන්කාමී බවකින් කටයුතු කිරිම බවද හෙතෙම සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් තරඟ සැලසුම් වැරදුණූ බවත් තවත් කඩුලු කිහිපයක් දවා ගැනිමට හැකිවුවා නම් යම් දෙයක් කරන්නට හැකියාව පැවති බවත් හෙතෙම පෙන්වා දී තිබේ.
එසේම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට පෙර දේශීය තරඟ මාලාවක් ඇති බවත් එ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන බවද ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ද කණ්ඩායම සතුව සිටින බවද හෙතෙම පවසා ඇත.
එම තරඟාවලියෙන් පසුව ලෝක කුසලානය සඳහා සංචිතය නම් කිරිමට කටයුතු කෙරෙනු ඇති බවත් මාලිංග පවසා තිබේ.
විස්සයි – 20 තරඟාවලියට හොඳින් මුහුණ දෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.