FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් 50කට අධික පිරිසක් මරුට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ ඇතිවූ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 50 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 60 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මීට අමතරව තවත් පිරිසක් අතුරුදන්වී තිබේ.
වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් බව එරට මාධ්‍ය සදහන් කරයි.