FAST NEWS

24×7 Around the Globe

සිව්වන පරාජය හා පිතිකරුවන් සියල්ල ගැනම මාලිංගගෙන් ප්‍රකාශයක්..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – කිසිඳු පිතිකරුවෙක් දිගු ඉනිම් ක්‍රීඩාකිරීමේ වැදගත්කම සහ වටිනාකම අවබෝධ කරගෙන නොමැති බව ශ්‍රී ලංකා සිමීත පන්දුවාර ක්‍රිකට් නායක ලසිත් මාලිංග සිව්වන තරඟයේ පරාජයෙන් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
“අප තවමත් සුපුරුදු මඟම ගමන් කරමින් සිටින බව මගේ හැඟීමයි. කිසිඳු පිතිකරුවෙක් දිගු ඉනිම් ක්‍රීඩාකිරීමේ වැදගත්කම සහ වටිනාකම අවබෝධ කරගෙන නැහැ. මෙවැනි පිතිකරණයට යෝග්‍ය තණතීරුවකදී පන්දුවාර 18 ක් තුළ මුල්පෙළ පිතිකරුවන් 6 දෙනකුම දැවී ගිය පසු නැවතත් තරගයකට අවතීර්ණ වීම ඉතා අපහසු කරුණක්. අප සැම විටම වගකීම් දැරීම සහ පන්දුවාර 50 ක් පිතිකරණයේ යෙදීම සඳහා සියලු පිතිකරුවන්ගේ සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් කොපමණ කතා කළත් පසුගිය වසර කිහිපයකම සිට එය සිදු කිරීමට අප කණ්ඩායමට නොහැකි වී තිබීම කනගාටුවට කරුණක්.”
එසේම ඇතැම් ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරිමට ලැබුණූ අවස්ථාවේ වටිනාකම තෙරුම් ගෙන නොමැති බවද හෙතෙම පෙන්වා දී තිබේ.
“සමහර ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබුණු අවස්ථාවේ වටිනාකම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු අවබෝධයක් ලබාගෙන නැහැ. ලෝක කුසලාන තරගාවලියට පෙර ක්‍රීඩකයන් එය තේරුම් ගෙන කටයුතු කළ යුතු බව මා සිතනවා. එමෙන්ම දකුණු අප්‍රිකා පිල සමඟින් පැවැති තරගාවලිය ලෝක කුසලානයට පෙර පුහුණුවක් වශයෙන් ඉතාමත් හොඳ මෙන්ම දුෂ්කර තරගාවලියක් බව මගේ හැඟීමයි. ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී  ලංකාවට ක්‍රීඩාකිරීමට සිදුවන්නේ මෙවැනිම තත්ත්වයන් යටතේ බව කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් තේරුම්ගත යුතුයි.”
දෙරට අතර පස්වන හා අවසන් එක්දින තරඟය හෙට (16) කෙප් ටවුන්හිදි පැවැත්විම නියමීතව තිබේ.