FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානයේ බොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය තහනම් කරයි…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය දිනවල ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පාකිස්ථානය විසින් ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය සහ රූපවාහිනි නාලිකා විකාශනය තහනම් කර ඇති බව වාර්තා වේ.
මේ සඳහා පකිස්ථානු ඉහළ උසාවිය ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවත් පාකිස්ථාන චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය පවසයි.
බොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය මාර්තු මාසයේ සිට තහනම් කර තිබෙන අතර, ඒ අනුව කිසිදු ඉන්දියානු අන්තර්ගතයක් දේශීය රූපවාහිනිය ඔස්සේ විකාශනයත්, ඉන්දීය වෙළඳ දැන්වීම් ප්‍රචාරණයත්, වාර්තාමය වැඩසටහන් සහ චිත්‍රපට විකාශය කිරීමත් තහනම් කිරීමට පාකිස්තානය තීරණය කර ඇත.
මෙය ඉන්දියාවට පහසු දඩුවමක් වනු ඇතැයි ඔවුන් සිතුවත් එය වැරදි ඉලක්කයක් බවට විවේචන එල්ල වී ඇත.