FAST NEWS

24×7 Around the Globe

මුදල් ඇමති ඉවත්කළ ජාත්‍යන්තර දුරකථන බද්ද ජනපති යළිත් පනවයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2019 වසරට අදාළ අයවැයෙන් ඉවත් කරන ලද ජාත්‍යන්තර දුරකථන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව නැවත පනවන ලෙස ජනාධිපතිතුමා විසින් ඊයේ (12) කැබිනට් රැස්වීමේදී දැනුම් දී තිබේ.
ජාත්‍යන්තර දුරකථන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කිරීමෙන් රජයට රුපියල් කෝටි 600 ක පමණ වාර්ශික ආදායමක් අහිමිවන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ඒ හේතුව මත යළිත් එම ගාස්තුව අය කර ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තාවේ.