එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්රභාකරන් මියගොස් තිබුණේ තම පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන යැයි එල්ටීටීඊයේ හිටපු නියෝජ්‍ය නායක හා හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා ප්‍රකාශ කර තිබේ.
ඉන්දීය දෙමළ රූපවාහිනි සේවාවක් වන පුදියතලමුරෙයි නම් නාළිකාවේ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.
හිටපු එල්ටීටීඊ නායකයා තම බාල පුත්‍රයා වන බාලචන්ද්‍රන් සමඟ පැන යද්දී බාලචන්ද්‍රන් හමුදාව විසින් අත්අඩංගුවට ගත් බවත් එහිදී ප්රභාකරන් සිය පිස්තෝලයෙන් තම හිසට වෙඩි තබාගත් බවත් පවසා ඇති විනයාගමූර්ති මුරලිදරන් මහතා එල්ටීටීඊ හිටපු නායකයාගේ බිරිය හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බවද සඳහන් කර තිබේ.
මුරලිදරන් මහතා මෙසේද කියා ඇත.
“කොටි සංවිධානයේ හමුදාව භාර සේනාධිපති හැටියට මා කටයුතු කළා. නෝර්වේ සාම සාකච්ඡාවලදී ෆෙඩරල් ක්‍රමයට යෑම ගැන මම අවධාරණය කළා. ඇන්ටන් බාලසිංහම් ඒකට පොඩි බියක් දැක්වූවා. ශ්‍රී ලංකාවේ පැවැති අවසාන යුද්ධයේදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට උදවු කළා.”
“මා කිසි දිනක එල්ටීටීඊ සංවිධානය පාවා දුන්නේ නෑ. අවසන් යුද්ධයේදී ඔවුන් අනුගමනය කළ යුද්ධ ක්‍රමය නිසයි පරාජයට පත්වුණේ. ඔවුන් සටන්කාමීන් සියලු දෙනා එක් ස්ථානයක සටන් වැදීමට නොයොදවා ගරිල්ලා ක්‍රමය අනුගමනය කළා නම් ජයග්‍රහණය අත් කරගන්නවා පමණක් නෙවෙයි ජනතාවත් බේරා ගැනීමට හැකි වෙනවා.”
“කොටි නායකයන් වන පුලිදේවන්, නඩේසන් යන අයට වෙඩි වැදී මැරුණා. ප්රභාකරන් සමඟ බාල පුතා බාලචන්ද්‍රන් පැන යද්දී බාලචන්ද්‍රන් අත්අඩංගුවට ගැනුණා. ප්රභාකරන් එවිට පිස්තෝලයෙන් ඔහුටම වෙඩි තබාගත්තා. ඇත්තටම ප්රභාකරන් පණ පිටින් හමුදාවට අහුවෙන්න කැමැති නෑ. ඔහු පිළිබඳ මම හොඳින් දන්නවා.”
“මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් වූ විගස මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව සොයා බලා ඔහුගේ පාලන සමයේ පියවර ගැනීම කළ යුතුව තිබුණා. ඔහුට එය කරගන්න බැරි වුණා.”
“මා ඇත්ත වශයෙන්ම ගරු කරන නායකයෙක් තමයි ප්රභාකරන්. ඔහු විනයගරුක අවංක පුද්ගලයෙක්. සියලු දෙනා මෙය පිළිගත යුතුයි. ප්රභාකරන් මියගිය බව සත්‍යයක්. මෙය අප පිළිගත යුතුයි. මෙය හෑල්ලුවට ලක්වන පරිදි ප්රභාකරන් අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියට ගෙන ගියා. වධහිංසා පැමිණුවා. ඉන්පසු ශ්‍රී ලංකා හමුදාව වෙඩි තබා ඝාතනය කළා කියන දේවල් සියල්ල ඔහුගේ කැපවීමට කැළලක්.”
කිසිකෙනකු නොහඳුනන ප්රභාකරන්ගේ සිරුරේ තිබෙන සලකුණක් තමා දැන සිටි බවත් ඒ අනුව මළ සිරුර හඳුනාගත් බවත් කරුණා අම්මාන් මහතා ප්‍රකාශ කර තිබේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.