FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයේ හා කැනඩාවේ ගුවන් විදුලි ජැක්සන්ගේ ගීත ප්‍රතික්ෂේප කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලෝක ප්‍රකට සුපරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රචාරය නොකිරීමට නවසීලන්තයේ සහ කැනඩාවේ ගුවන් විදුලි නාලිකා රැසක් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අපචාර සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එල්ලවූ නවතම චෝදනා මාලාවත් සමග මෙම තීරණය ගෙන තිබෙන අතර , ගුවන් විදුලි නාලිකාවල මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රාවකයන් විසින් මිශ්‍ර ප්‍රතිචාර පළ කර තිබේ.
ඇතැමුන් ඊට සහය පළකර ඇති අතර තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ දැනට ජීවතුන් අතර නොමැති චරිතයකට එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත බවයි.