FAST NEWS

24×7 Around the Globe

දෙවන එක්දින තරගයේ ජයත් දකුණු අප්‍රිකානුවන්ට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 113 පහසු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (06) සමත් විය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගනිමින් ක්වින්ටන් ඩිකොක් සහ රීසා හෙන්රික්ස් පළමු කඩුල්ලට ලකුණු 91ක් රැස්කර ගත්හ.
නායක ෆැෆ් ඩුප්ලේසී ලකුණු 57ක් ලබාගත්තේය.
දකුණු අප්‍රිකාව වරෙක කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 220 ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක පසුවූ අතර ලංකා කණ්ඩායම නැවත තරගයට පිවිසුනේ ලකුණු 31ක් තුළ ඔවුන්ගේ අවසන් කඩුලු 06 ම දවා ගනිමින්.
මේ අනුව පන්දුවාර 45 යි එක් පන්දුවක් අවසානයේ දකුණු අප්‍රිකා ඉනිම ලකුණු 251 කට සීමා වීමට සිදුවිය.
ලකුණු 252 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 02 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 138ක් පමණි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය ලබන ඉරිදා ඩර්බන්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.