FAST NEWS

24×7 Around the Globe

කණ්ඩායම් 06 ක් සහ විදෙස් ක්‍රීඩකයින් සමඟින් LPL තරඟාවලිය එයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා පීමියර් ලීග් විස්සයි – 20 තරඟාවලිය (LPL)  සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සත්කාරකත්වය දරණ බවත් එය සැප්තැම්බර් මාසයේ පැවැත්විමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මී සිල්වා මාධ්‍ය වෙත සඳහන් කළේය.
මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 06 ක් එක්වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම මීට ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනක්ද මෙවර එක්වනු ඇති බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟත්වය පල කර ඇති බවත් එ මහාතා වැඩි දුරටත් සඳහන් කළේය.