FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් – අද (06) තරඟයේ අවසන් 11 මෙන්න..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණූ අප්‍රිකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (06) ෂෙන්චුරියන් පාක් ක්‍රීඩාංගණයේදි ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ විමට නියමීතය.
කාගිසෝ රාබාඩා වෙනුවට පළමු තරඟයට ක්‍රීඩා නොකළ ඩේල් ස්ටේන් දකුණූ අප්‍රිකා කණ්ඩායමට එක් වනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
එසේම පළමු තරඟයට ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජීත කණ්ඩායමට එක්වනු ඇති බවද කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.
කණ්ඩායම් ආරංචි මාර්ග අනුව අද (06) තරඟයට ක්‍රීඩා කරන අවසන් 11 දෙනා පහතින්.
ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි) 1.උපුල් තරංග 2.නිරෝෂන් දික්වැල්ල 3.ඔෂද ප්‍රනාන්දු 4.කුසල් මෙන්ඩිස් 5.කුසල් පෙර්රා 6.ධනංජය ද සිල්වා 7.තිසර පෙර්රා 8 අකිල ධනංජය 9.ලසිත් මාලිංග 10.කසුන් රාජීත 11.විශ්ව ප්‍රනාන්දු
දකුණු අප්‍රිකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි ) 1.කුවීන්ටන් ඩී කොක් 2.රීසා හෙන්ඩ්‍රික්ස් 3.රසි වැන් ඩෙර් ඩුසෙන් 4.ෆප් ඩු ප්ලෙසීස් 5.ඩෙවිඩ් මිලර් 6.වයන් මුඩ්ලර් 7.ඇන්ඩිල් පෙහෙලුවකවායෝ 8.ඩේල් ස්ටෙන් 9.ඇන්රිච් නොර්ට්ජ් 10.ලුන්ගි නාගයිඩි 11.ඉමිරාන් තාහීර්