FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය ඉස්ලාමීය සටන්කාමී සංවිධාන කණ්ඩායම් මර්දනය අරඹයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තහනම් කරන ලද සටන්කාමී සංවිධානවල සාමාජිකයන් 44 දෙනකු පොලිස් භාරයට ගත් බව පාකිස්තානය ඊයේ (05) ප්‍රකාශ කළේය.
පාකිස්තානය විසින් මේ වන විට ඉස්ලාමීය සටන්කාමී සංවිධාන මර්දනය කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් , පොලිස් අත්අඩංගුවට පත්වූ පිරිස අතර ඉන්දීය හමුදා රථ පෙළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර්ගේ සමීප ඥාතීන් ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය 14 වැනිදා ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.
පාකිස්තානය මූලික කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබුණි.