FAST NEWS

24×7 Around the Globe

රුසියාව න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් නිළ වශයෙන් ඉවත්වන බව නිවේදනය කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 1987 වසරේ දී සෝවියට් සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇති කර ගත් න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් රුසියාව ඉවත් වන බව එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ (04) නිළ වශයෙන් නිවේදනය කළේය.
ඊට අදාළ වූ නියෝගයකට රුසියානු ජනාධිපතිවරයා විසින් අත්සන් තැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුසියාව අදාළ ගිවිසුම උල්ලංගණය කරන බව පවසමින් මාස 06 ක් ඇතුළත න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත් වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ ප්‍රකාශ කළ අතර එහිදී ජනපති පුටින් කියා සිටියේ ඉන් වහා ඉවත්වීමට තම රට සූදානම් බවයි.