FAST NEWS

24×7 Around the Globe

බොරතෙල් බැරලයක සුළු ප්‍රකෘතිමත් බවක්…

පසුගිය සතිය තුළ 3 % කින් පහත වැටුණු බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (04) යළිත් වරක් 1% කින් ඉහළ ගියේය.
ඒ අනුව එහි අගය සටහන් වූයේ ඩොලර් 65.71 ක් ලෙසයි.
ඔපෙක් සංවිධානයේ නිෂ්පාදන කප්පාදුව මෙන්ම ඇමරිකාව සහ චීනය අතර තීරු බදු අර්බුදය විසදෙන ලකුණු පහළවීම හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල මෙසේ ප්‍රකෘතිමත් බවක් පෙන්නුම් කිරීය.
ඔපෙක් සංවිධානයේ තෙල් සැපයුම පසුගිය පෙබරවාරි මාසය තුළ වසර 04 කින් අවම මට්ටමට පැමිණියේය.